සුන්දරයි ඒ සිහින අප මැවූ
සැබෑ නොවුනත් කිසි දිනේ
පෙම්බරයි ඒ වදන් ඔබ කිවූ
යලිත් නොඇසෙන මගෙ ලොවේ
තනි රැක්ක ඔබ මාත් එක්කල
එදා මතකද පුර හඳේ
අදත් සඳ ඇත සඳට තරු ඇත
තනි උනා මම සුර ලඳේ
නුවර වැස්සට තෙමෙනවා මම
අදත් තනියම පාළුවේ
පුංචි වැහි බිඳු මගෙන් අහනව
ඇය නැද්ද අද බස් එකේ
මල් වත්තේ මල් තවම පිපෙනව
එන තුරුද අපි ලබැඳියේ
කියල එන්නම් ගියා කියලා
මා දමා ඔබ පෙර දිනේ
සුදු ගවුම් දස අතින් පේනව
ඒත් ඔබ නෑ ඒ ගොඩේ
මගේ නෙත් යුග ඔබව සොයනව
ඔබ එන්නේ නෑ ඒ මගේ
නුවර දුම්රිය තවම දුවනව
ඌ දන්නෙ නෑ දුක ආදරේ
හිස් මැදිරියක් හොයල නගිනව
හඬන්නට මට නිදහසේ...
No comments:
Post a Comment