Monday, March 26, 2012

කුසගින්න



ලේ උරා බොයි එකෙක්          එල්ලී 
කුස ගින්න හොඳටෝම          ඇවිලී 
ඩ්‍රැකියුලා නොව පුංචි              මල්ලී
කිරි උරා බොයි රසට           ලොල්වී

Saturday, March 24, 2012

විරහව

සුරගනක් ලෙස ඔබ ඇවිත් මසිතට
පුබුදුවා මගේ හැඟුම් මතු කර
පුරවලා ආදරෙන් මගෙ සිත
ඔබ ගියා මා දමා තනි කොට

වෛරයද නොහඳුනන මගෙ සිත
සොයයි අරුතක් ඔබට දෙන්නට
විඳින්නට ආදරේ සුපහස
ඔබ ගියේ යලි නො එන්නටමද

කියුවත් ඔබ යලි නොඑන වග
සිත  අසයි යලි යලිත් නුබ ගැන
හඬන මේ සිත නිවන දෙවඟන
නුබම පමණයි, නොදනීද නුබ එය

තෙරක් නොපෙනෙන කඳුළු සයුරක
ගිලී සිරවී හඬමි තව තව
ඔබෙන් අද මා අසන පැනයට
පිළිතුරක් නැත තවම ඔබ ළඟ

කිමද මා හැර යන්න හේතුව?
උනිද අඩුවක් මගෙන් ඔබ හට?
අඩු උනිද ආදරේ බිඳකට?
කාමයද නුඹ සෙවුවේ සඳවත???