සුරගනක් ලෙස ඔබ ඇවිත් මසිතට
පුබුදුවා මගේ හැඟුම් මතු කර
පුරවලා ආදරෙන් මගෙ සිත
ඔබ ගියා මා දමා තනි කොට
වෛරයද නොහඳුනන මගෙ සිත
සොයයි අරුතක් ඔබට දෙන්නට
විඳින්නට ආදරේ සුපහස
ඔබ ගියේ යලි නො එන්නටමද
කියුවත් ඔබ යලි නොඑන වග
සිත අසයි යලි යලිත් නුබ ගැන
හඬන මේ සිත නිවන දෙවඟන
නුබම පමණයි, නොදනීද නුබ එය
තෙරක් නොපෙනෙන කඳුළු සයුරක
ගිලී සිරවී හඬමි තව තව
ඔබෙන් අද මා අසන පැනයට
පිළිතුරක් නැත තවම ඔබ ළඟ
කිමද මා හැර යන්න හේතුව?
උනිද අඩුවක් මගෙන් ඔබ හට?
අඩු උනිද ආදරේ බිඳකට?
කාමයද නුඹ සෙවුවේ සඳවත???
පුබුදුවා මගේ හැඟුම් මතු කර
පුරවලා ආදරෙන් මගෙ සිත
ඔබ ගියා මා දමා තනි කොට
වෛරයද නොහඳුනන මගෙ සිත
සොයයි අරුතක් ඔබට දෙන්නට
විඳින්නට ආදරේ සුපහස
ඔබ ගියේ යලි නො එන්නටමද
කියුවත් ඔබ යලි නොඑන වග
සිත අසයි යලි යලිත් නුබ ගැන
හඬන මේ සිත නිවන දෙවඟන
නුබම පමණයි, නොදනීද නුබ එය
තෙරක් නොපෙනෙන කඳුළු සයුරක
ගිලී සිරවී හඬමි තව තව
ඔබෙන් අද මා අසන පැනයට
පිළිතුරක් නැත තවම ඔබ ළඟ
කිමද මා හැර යන්න හේතුව?
උනිද අඩුවක් මගෙන් ඔබ හට?
අඩු උනිද ආදරේ බිඳකට?
කාමයද නුඹ සෙවුවේ සඳවත???
මේක අත්දැකීමක් නොවෙන්න පුළුවන්.ඒත් හොදට ලියලා තියෙනවා.අනික හැමතැනින්ම පිවිතුරු අවංක ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ මල්ලි.....
ReplyDelete