Thursday, January 24, 2013

නංගියේ උඹ වැරදියි...

නංගියේ උඹ වැරදියි ...
උඹ ඔය රවට්ටන්නේ අම්මව තාත්තව නෙවෙයි..
එයාල ජීවිතෙන් බාගයක් ගෙවල ඉවරයි..
තව ටික කාලෙකින් මැරිලත් යයි.
ඒත් උඹ තව කාලයක් ජීවත් වෙන්න ඕන.
අද උඹ රැවටුනොත් උඹේ ඉතුරු ජීවිත කාලෙම විනාස වෙනවා..

උඹ හරි හුරතල්..
ඒක නිසා කවුරුත් උඹෙන් ඔය විදිහෙ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
උඹ ඉන්නේ හරියට තාම පොඩි එකෙක් වගේ.
ඒත් මම උඹේ වයස හොඳට අඳුරනවා නංගී..
උඹේ ඔය රඟපෑමට කවුරු රවටුනත් ඕක මට විහිළුවක්.

කොල්ලොයි කෙල්ලොයි කියන එක පටලව ගන්න එපා නංගී..
පැහැදිලිවම ඒක දෙකක්.
කොල්ලෝ කරන පලියට උඹටත් ඒ හැම දේම කරන්න බෑ.
කොල්ලෙක් මොන වැරැද්ද කලත් නාවලා ගෙට ගන්න පුළුවන් කියල උඹ අහල තියනවද?
ඒත් උඹලව එහෙම නිදොස් කරන්න බැහැ නංගී..

උඹ දන්නවද?
කොල්ලෙක් මොන වැරැද්ද කලත් ඌ හොඳක් කල දාට මිනිස්සුන්ට ඒ හොඳ දේ ජීවිත කාලෙටම මතක හිටිනවා.
ඒත් නංගි කෙල්ලෙක් කොච්චර හොඳ දේවල් කලත් එයා අතින් ඒකම එක වැරද්දක් උන දාට මිනිස්සුන්ට එයාගේ හැම හොඳක්ම අමතක වෙනවා..
ඒත් එයා කරපු වැරැද්ද ජීවිත කාලෙටම මතක හිටිනවා නංගියේ..
ඒ මිනිස්සුන්ගේ හැටි.

මම උඹට කියන්නේ නැහැ මිනිස්සුන්ට ඕන විදියට ජීවත් වෙන්න කියලා..
ඒත් නංගියේ මේ ලෝකෙදි මිනිහෙක්ට දිනාගන්න පුළුවන් වටිනාම දේ තමයි හොඳ නමක්....
මට ඕන උඹට හොඳම දේ දෙන්න.
නම කැත කරගන්න එපා නංගියේ..
උඹේ අම්මටවත්, උඹේ වැරද්දක් නොපෙනෙන්න වැඩ කරපන්..

මේක උඹේ හැදෙන වයස.
මේ කාලෙට කවුරුත් ඔහොමයි කියල මට අහක බලාගෙන ඉන්න බෑ නංගි..
මොකද,
හැම කෙල්ලටම වරදින්නේ නැති උනාට උඹට වැරදුනොත්!!
හිත, හදවත කියන දේ කරන්න එපා නංගී...
මොළේ කියන දේ අහපං! කරපං!!
එතකොට උඹට වරදින එකක් නෑ..

අද මම මේක මෙහෙම ලියල තියන්නේ උඹේ මුනටම කියන්න බැරි නිසා..
ඒත් මට මේක කියන්න දවසක් එයි..
එදාට උඹ මම කියන දේ අහන්න පරක්කු වෙලා තිබුනොත් මට වෛර කරපං නංගී..
මොකද,
මගේ හිතට අද පණ නෑ මේක උඹට කියන්න...

No comments:

Post a Comment